රුසියාව සමඟ සටන් වැදීමට කැමති විදේශ සටන්කාමීන්ට යුක්රේනය විවෘත වෙයි

රුසියන් හමුදා සමඟ සටන් වැදීමට කැමැති ඕනෑම විදේශ සටන්කාමියකුට යුක්රේනය විවෘත බවත් වීසා නොමැතිව යුක්රේනයට පැමිණ ජාත්‍යන්තර ආරක්ෂක බලඇණිය සමඟ එක්විය හැකි බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබෙනවා.

යුක්රේන ජනාධිපති සෙලෙස්කි මෙසේ පවසා ඇත්තේ ආඥාවක් නිකුත් කරමින්. රුසියාවත් යුක්රේනයත් අතරේ පවතින යුද්ධය හේතුවෙන් යුක්රේනයේ මේ වනවිට හමුදා නීතිය ක්‍රියාත්මකයි. ජනාධිපති සෙලෙන්ස්කී නිකුත් කළ ආඥාව හමුදා නීතිය අවසන් වනතුරු ක්‍රියාත්මක වනු ඇතැයි පැවසෙනවා.

POPULAR

Recent articles