”සමුපකාර ව්‍යාපාරයට මැරෙන්න දෙන්න එපා” – අගමැති

සෑම පළාත් සභාවකම තොරතුරු අනුව සමූපකාර ව්‍යාපාරය මැරීගෙන යන ව්‍යාපාරයක් යැයි සාක්ෂිවලින් ඔප්පු වී ඇති බවත් ග්‍රාමීය සාමාජිකත්වය දරණ සමූපකාරවලට රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය දියයුතු බවත් අග්‍රාමාත්‍යවරයා පවසනවා.

ඇතැම් සමූපකාර සමිති නිෂ්පාදන සමිති, සමහර ඒවා වෙළඳ බෙදාහැරීමේ සමිති මෙන්ම සමුපකාර ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගූ යෝධයා බව කී අග්‍රාමාත්‍යවරයා යළිත් සමුපකාර ව්‍යාපාරයේ නැගීම සඳහා හඳුනාගෙන ඇති පුනර්ජීවනය කිරීමේ වැදගත් කොටස් සක්‍රිය කළ යුතු බව ද සඳහන් කරනවා.

සමුපකාර කොමසාරිස්වරු ඇතුලු සෑම නිලධාරියෙක්ම වැඩ කිරීමට වහාම සූදානම් විය යුතු බවත් නිෂ්පාදන සහ බෙදාහැරීම්දාමය ශක්තිමත් කිරීමට ග්‍රාමීය ආර්ථිකයේ හදවත වැනි ව්‍යාපාරයක් වූ සම්පකාර ව්‍යාපාරයට හැකි පමණ හුස්ම දීමට කටයුතු කරනවා මිස එය මරාදැමීමට උත්සහ නොකළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටිනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව පවසා සිටියේ පළාත් ආණ්ඩුකාරවරු සමග කොළඹ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී යි.

POPULAR

Recent articles