යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්වෙයි

ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට අද සමත්ව තිබෙනවා.

ඒ, ස්විට්සර්ලන්තයේ පැවැති 42 වන Resisprint International – 2022 මලල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්ව තත්පර 9.96කින් අවසන් කරමින්.
1994 දෙසැම්බර් 31 උපන් යුපුන් මේ වනවිට 27හැවිරිදි වියේ පසුවනවා.

අද අවසන් කළ ඔහුගේ තරග නිමි කාලය වාර්තා අතරට එක් වුණේ නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසයි.

මීට පෙර යුපුන් අබේකෝන් එම වාර්තාව ඔහුගේ නම ඉදිරියේ සනිටුහන් කරගෙන තිබුණේ තත්තර 10.06 ලෙසයි. තත්පර 10 අඩුකාලයකින් මීටර් 100 ඉසව්ව නිම කළ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙසද යුපුන් අබේකෝන් අද වාර්තා අතරට එක් වුණා.

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන යුපුන් අබේකෝන්ගේ වාර්තාගත ජයග්‍රහණයට A5 කණ්ඩායමේ සුබ පැතුම් එක් කරනවා.

POPULAR

Recent articles