අය – වැය අද (30) පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ පළමු අය – වැය අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2021 අංක 30 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද (30) සිදු කරනු ලැබෙනවා.

2022 වර්ෂයේ ඉතිරි කාලය සඳහා මෙම විසර්ජන පනත් කෙටුම්පත පෙර ඉදිරිපත් කරන ලද විසර්ජන පනතට සංශෝධනයක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවිමේ විවාදය හෙට (31) සිට ලබන 02 වනදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.

POPULAR

Recent articles