රවී කරුණානායක හදිසියේ මන්නාරමට

එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතා පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණ තිබෙනවා.

මන්නාරම මහජන ක්‍රීඩාංගනයට ගොඩබා තිබෙන එම හිලිකොප්ටර් යානාවෙන් පැමිණි රවි කරුණානායක මහතා පෞද්ගලික ආයතනයකට අයත් වාහනයකින් එතනින් නික්ම ගිය බවයි කියන්නේ. ඉන් පැය කිහිපයකට පසුව ආපසු අදාළ පෞද්ගලික හෙලිකොප්ටරයෙන්ම ඔහු මන්නාරමෙන් පිටව ගොස් ඇත්තේ මාධ්‍යයට පවා කිසිවක් නොපවසමින්.

හිටපු අමාත්‍යවරයා මන්නාරමට ගිය හේතුව පිළිබඳව ඔහුගේ පාර්ශවයෙන් අප කළ විමසීමක දී සමීපතමයෙකු කියා සිටියේ එය පෞද්ගලික ගමනක් පමණක් බවයි.

POPULAR

Recent articles