”ශ්‍රී ලංකාවේ ගමන් මඟ ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – ඇමරිකාව

ශ්‍රී ලංකාව ගමන් කරන දිශාව පිළිබඳ තවමත් සෑහීමකට පත්විය නොහැකි බව අමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සාමාජික සාමාජිකාවන් පිරිසක් ලිඛිතව සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ තවමත් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා මහා පරිමාණ විරෝධතා පැවැත්වෙන බව එම කොංග්‍රස් සාමාජික සාමාජිකාවන් පිරිස ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ (USAID) ප්‍රධානී සමන්තා පවර් වෙත යැවූ ලිපියක සඳහන් කර තියෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවී තිබෙන ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟය පිළිබඳ තමන් දැඩි කණස්සල්ලට පත්ව ඇති බවයි එම ලිපිය යොමුකළ කොංග්‍රස් සාමාජිකයන් 10 දෙනා පවසා ඇත්තේ.

ශ්‍රී ලාංකිකයන් හට සහාය වීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තම්න්තුව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශය ගෙන ඇති ක්‍රියාමර්ග පිළිබඳව සතුටට පත්වෙන නමුත් ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවට එල්ල වී ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් කඩිනමින් අමතර ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔවුන් තම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

POPULAR

Recent articles