“අවුරුදු 20ට වැඩි ලක්ෂ 11ක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නෑ” – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය

මෙරට අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් 1,170,000 ක් මෙතෙක් කිසිදු කොවිඩ් 19 වෛරසය මර්දන එන්නත් මාත්‍රාවක් ලබා ගෙන නොමැති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් එම්. එච්. එම්. චිත්‍රානන්ද සඳහන් කරන්නේ පසුගිය සති කිහිපයේ සිදුකළ සමීක්ෂණයකින් මෙම කරුණු අනාවරණ වූ බවයි.

එමෙන්ම අවුරුදු 20 – 29 අතර එන්නත් ලබා නොගත් පිරිස 719,000 ක් ලෙස දැක්වෙනවා.

අවුරුදු 30 – 60 අතර පුද්ගලයින් 3 86,408 ක් ද කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා ගෙන නොමැති බව එම සමීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 64,234 ක් ද එන්නත් ලබා ගෙන නොමැති බව අනාවරණය වී තිබෙනවා.

ලේකම්වරයා සඳහන් කරන්නේ රජය විසින් කොවිඩ් 19 මර්දන එන්නත්කරණ වැඩ සටහන් ගම් මට්ටමින් ක්‍රියාත්මක කර ඇති පසුබිමක ඇතැම් පිරිස් මෙලෙස එන්නත්කරණයෙන් මග හැර සිටීම කනගාටුවට කරුණක් බවයි.

ඒ අනුව මෙම පිරිස හැකි ඉක්මනින් එන්නත්කරණයට යොමු කරන ලෙස ග්‍රාම නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ඔමික්‍රෝන් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බුස්ටර් මාත්‍රාව ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි.

POPULAR

Recent articles