”ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනය කරයි කියල හිතන්න බෑ” – සුසිල් ප්‍රේමජයන්ත

පැනගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණියත් නැවත ලංකාවේ ‌දේශපාලනයට සම්බන්ධ වෙනු ඇතැයි තමන් නොසිතන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

යාපනයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයකට රජය විසින් පනවා තිබූ තහනම ඉවත් කළේ ජිනීවා මානව හිමිකම් සැසිය ආරම්භ වන නිසාදැයි ප්‍රශ්ණයක් යොමුකරනු ලබුවා. එයට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ මානව හිමිකම් සැසිය හා ඒ් අතර සම්බන්ධතාවක් නොමැති බවයි.

POPULAR

Recent articles