වෙඩි නොතියන බව කී බ්‍රිගේඩියර් සියලු තනතුරුවලින් ඉවතට

ජූලි 13දා අගමැති කාර්යාලය වැටලීමට සහභාගී වූ සාමකාමී අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු නොකරන බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් සෝමවීර සියලු තනතුරුවලින් ඉවත් කර, හමුදා මුලස්ථානයට අනුයුක්ත කර ඇතැයි වාර්තා වනවා.

යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ සඳහා හේතුවක් දක්වා නැත. බ්‍රිගේඩියර්වරයා අරගලකරුවන්ට අදාළ ප්‍රකාශය කරන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සීග්‍රයෙන් සංසරණය වුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කරන්නේ අදාළ නිලධාරියා මාරු කර ඇත්තේ, වීඩියෝවේ හේතුව මත නම්, එය බරපතළ කරුණක් බවයි.

එම නිසා එහි සත්‍ය-අසත්‍ය බව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස එම සංගමය කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා.

POPULAR

Recent articles