යුද හමුදාවෙන් වෙඩි නොවදින රථයක්

ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් වෙඩි නොවදින සැහැල්ලු සන්නාහ සන්නද්ධ රථයක් Mine Resistance Ambush Protected Vehicle (Unicob- MRAPV) නිෂ්පාදනය කර තිබෙනවා.

ඒ අනුව එය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයේදී පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

මෙම සන්නද්ධ රථය 74 වන ජාතික නිදහස් උළෙලේ සන්නද්ධ රථ පෙළපාලිය සඳහා එක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

මෙම රථය නිර්මාණය කර ඇත්තේ යුධමය වාතාවරණයක් පවතින අවස්ථාවේදී එම ස්ථානයන් වෙත සෙබළුන් ආරක්ෂිතව රැගෙන යාමට සහ තුවාල වූ සෙබළුන් ආරක්ෂිතව රැගෙන ඒම වැනි කාර්යභාරයන් සඳහා භාවිතා කිරීමටයි.

POPULAR

Recent articles