තලෙයිබාන්වරු ඇෆ්ගනිස්ථානයට ජාත්‍යන්තර පිළිගැනීමක් ඉල්ලයි

ඇෆ්ගනිස්ථානයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙන්නැයි තලෙයිබාන් සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ එම සංවිධානයේ මහ සමුළුව අවසානයේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමිනුයි.

ඔවුන් එහිදී විදෙස් රාජ්‍යයන්ගෙන් ඉල්ලීම් කර ඇත්තේ සිය ආණ්ඩුව විධිමත් ආණ්ඩුවක් ලෙස පිළිගන්නා ලෙසයි.

එහෙත්, එම සමුළුවේදී කාන්තාවන්ට පාසල් අධ්‍යාපන වරම් ලබාදීම වැනි කරුණු පිළිබඳ ඔවුන් කිසිදු ඉඟියක් ලබා නොදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

බටහිර රටවල් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් සැපයූ අරමුදල් කපා හැර දැඩි සම්බාධක පනවනු ලැබුවේ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හේතුවෙනුයි.

4000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති තුන්දින සමුළුව අවසානයේ තලෙයිබාන් නායක හයිබතුල්ලා අකුන්සාඩා පවසා ඇත්තේ සිය රටට විදෙස් රටවල් නියෝග නොකළ යුතු බවයි.

POPULAR

Recent articles