අයවැය සංශෝධන පනත අද (09) පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 01ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ලබන බදාදා සහ සිකුරාදා දිනවලදී ද විවාදය පැවැත්වීමට නියමිතයි.

අයවැය සංශෝධන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සදහන් කළා. මෙහිදී මේ වසරේ ඉතිරි කාලසීමාව සඳහා සංශෝධිත අයවැයක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා. ඒ අනුව 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් අහෝසි වූ කාරක සභා යළි ස්ථාපිත කිරීම සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීම අද පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

POPULAR

Recent articles