චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාව බලා පිටත්ව යාටම නියමිත බව චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සඳහා සිය සෙබළුන් කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව යන බවයි.

යුද අභ්‍යාසය සඳහා ඉන්දියාව, මොංගෝලියාව, ටජිකිස්ථානය, බෙලරූස් ඇතුළු රටවල් කිහිපයක් ද සහභාගි වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාව නිවේදනය කර ඇත්තේ, වොස්ටොක් නමින් හැඳින්වෙන මෙම අභ්‍යාසය අගෝස්තු මස 30 වනදා සිට සැප්තැම්බර් මස 05 වනදා දක්වා පැවැත්වෙන බවයි.

POPULAR

Recent articles