ගෝඨාභය රාජපක්ෂට රට තුළට ඇතුළු කිරීමට ගත් තීරණයට එරෙහිව සිංගප්පූරුව තුළ විරෝධතා

නෙරපා හරින ලද ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රට තුළට ඇතුළු කිරීමට සිංගප්පූරුව ගත් තීරණයට එරෙහිව විරෝධතාවයක් පසුගියදා එරට Hong Lim Park හි Speaker’s Corner නැමති තැන පවත්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

2020 මහ මැතිවරණයේ Peoples Voice (PV) පක්ෂයේ අපේක්ෂකයෙකු වූ 34 හැවිරිදි ප්‍රබු රාමචන්ද්‍රන් (Prabu Ramachandran) මෙම විරෝධය දක්වා ඇති බවයි කියන්නේ.

“කවුරුවත් මේ ගැන කතා කරන්නේ නැති තරම්. ගෝඨාබය රාජපක්ෂ මහතා මෙහි සිටීමෙන් අපි සෙසු ලෝකයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට දෙන පණිවිඩය ගැන යමෙකු කතා කළ යුතු යැයි මම හිතුවා. එයා අනවශ්‍යයි. දේශපාලනිකව හෙලිදරව් වෙච්ච කෙනෙක්. අපි මොකටද මෙයාව ඇතුළට ගන්නේ” යි ඔහු විමසා තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ දී පමණක් ඉල්ලා අස්වීමට තීරණය කළේ මන්දැයි ඔහු ප්‍රශ්න කරනවා. සිංගප්පුරුවේ දී රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම් පිළිබඳ විස්තර ප්‍රසිද්ධියට පත් කරන ලෙස සිංගප්පූරුව තුළ අවසරයකින් තොරව නීත්‍යානුකූලව විරෝධතා පැවැත්විය හැකි එකම ස්ථානය වූ Speaker’s Corner හි දී Prabu Ramachandran සහ එයට සහය වූ 68 හැවිරිදි බ්ලොග්කරුවකු වූ Leong Sze Hian ඉල්ලා සිට බව වාර්තා වෙනවා.

POPULAR

Recent articles