අමාත්‍යාංශ දෙකක විෂය පථයන් හා කාර්යයන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අමාත්‍යාංශ විෂය පථයන් සහ කාර්යයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවත් වරක් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව කර්මාන්ත අමාත්‍යාංශයේ හා පරිසර අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතාවන් සංශෝධනය වෙනවා.

මෙතෙක් කලක් කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ ‘දැනට භූගතව සහ සාගර අභ්‍යන්තරයේ ඇතැයි සැලකෙන ඛනිජ සම්පත් නූතන අධිතාක්ෂණ භාවිතා කර ගවේෂණය කර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදාගැනීම’ යන විෂය පරිසර අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සහ ලංකා ඛනිජ වැලි සමාගම ද පරිසර අමාත්‍යාංශය යටතට පවරා තියෙනවා.

POPULAR

Recent articles