ඉන්දියාවේ නිදහස නිව්යෝක්වල

ඉන්දියාවේ නිදහසේ අභිමානවත් 75 වන වසර සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ 77වන සැසිවාරය අතරතුර දී පැවැත්වුණා.

[email protected] – ඉන්දියාව – UN අතර සහයෝගීතාවය” යන තේමාව යටතේ පැවති මෙම උත්සවයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති චබා කොරෝසි මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් අමිනා ජේ. මොහොමඩ් මහත්මිය සහ ආර්මේනියාව, ඇන්ටිගුවා සහ බාබියුඩා, සයිප්‍රස්, ගැම්බියාව, ගයනාව, ජැමෙයිකාව, මාලදිවයින, ටැන්සානියාව, ටිමෝර් – ලෙස්තේ සහ යෙමනය යන රටවල විදේශ අමාත්‍යවරුන් සහභාගී වුණා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් සහ ප්‍රංශයේ විදේශ අමාත්‍යතුමා විසින් මෙම අවස්ථාව සඳහා විශේෂ පණිවිඩයන් නිකුත් කරනු ලැබුවා.

මෙම අවස්ථාව එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් කියා සිටියේ නිදහසින් පසුව ගෙවී ගිය 75 වසරක කාලය තුළ ලොව දිළිඳුතම රාජ්‍යයක සිට ලොව පස්වෙනුවට විශාලතම රාජ්‍යය දක්වා ඉන්දියාව පැමිණි බවයි.

POPULAR

Recent articles