නව සන්ධානයේ සභාපති විමල්

විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානය සැප්තැම්බර් 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටිනවා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවති විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ නව සන්ධානයේ සභාපතීත්වය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට හිමිව ඇති බවයි.

POPULAR

Recent articles