පෞද්ගලික බස් රථ 70% ක් ධාවනයෙන් ඉවත් වෙයි

මේ වන විට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් රථ විශාල ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් කර ඇති බව බස් රථ සංගම් පවසනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කරන්නේ අද (02) දිනයේ පෞද්ගලික බස් රථ 70 % ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බවයි.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කරන ලෙසයි.

POPULAR

Recent articles