දේශීය මත්පැන් හඳුනාගන්න App එකක්

නියම ප්‍රමිතියෙන් යුතු දේශීය මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ පරිගණක යෙදවුමක් (App) පාරිභෝගිකයන්ට ඉදිරි දෙසතියේදී හඳුන්වා දීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පවසනවා.

එම පරිගණක යෙදවුම මීට පෙර හඳුන්වා දීමට නියමිතව තිබුණද තාක්ෂණික ගැටළුවක් නිසා එය ප්‍රමාද වූ බවද ඔහු සඳහන් කරනවා.

මෙම පරිගණක යෙදවුම මත්පැන් බෝතල් වල ඇති ස්ටිකරයට ඇල්ලීමෙන් එය නිෂ්පාදනය කළ නිෂ්පාදකයාගේ සිට සියලු විස්තර පාරිභෝගිකයාට දැන ගැනීමට හැකි වන බව පැවසූ කොමසාරිස් ජනරාල්වරයා ව්‍යාජ මත්පැන් නිෂ්පාදන වෙළෙඳපොළට ඇතුළු වීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ බව පෙන්වා දෙනවා.

ආනයනික විදේශීය මත්පැන් සඳහා මෙම පරිගණක යෙදවුම දැනටමත් හඳුන්වාදී ඇතැයිද ඔහු පවසනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ දේශීය මත්පැන් සඳහා ස්ටිකරය නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන්වී ඇති බවයි.

POPULAR

Recent articles