සජිත් සමාව ඉල්ලයි !

සජිත් සමාව ඉල්ලයි !

පාස්කු ප්‍රහාරය සහ පසුගිය ජනාධිපතිවරණය යනු එකම සැලසුමක කොටස් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ මැදිරිගිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.
මෙහි දී ඔහු හිටපු ජනාධිපතිවරයාගේ සහ අගරදගුරුතුමාගේ ක්‍රියාකලාපය ද විවේචනය කරමින් අදහස් දැක්වූවා.

මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශය නිසා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට කිසියම් සිත් රිදීමක්, සිත් තැවුලක් ඇති වුනානම් ඒ වෙනුවෙන් තමා සමාව අයදින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ?fbclid=IwAR0msOkwB8UFJ9FQVeFqGm9Sm1-dMCkQzP19wNIVKPTjpnrtxCKF-hFv4gs

POPULAR

Recent articles