“ඕනෑම අයෙකුට කැමති ආකාරයෙන් උද්ඝෝෂණ කිරීමට ඉඩ දෙන්න” – ජනපති

උද්ඝෝෂකයන්ට හා වැඩවර්ජනය කරන්නන්ට එරෙහිව බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් ආදිය එල්ල නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (14)පැවති කැබිනට් රැස්වීමේදී මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකරට දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.

ඕනෑම අයකුට කැමති ආකාරයෙන් උද්ඝෝෂණ කිරීමට ඉඩ දෙන්නැයි ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ජනතාව තීරණයක් ගනු ඇතැයි පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ උද්ඝෝෂකයන්ට හා වර්ජකයන්ට එරෙහිව පොලිසිය යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට සරත් වීරසේකර ඇමතිවරයා කැබිනට් රැස්වීමේ දී කළ ප්‍රකාශයක් සැලකිල්ලට ගනිමින්.

උද්ඝෝෂකයන්ට හා වර්ජකයන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා නිසා ඔවුන් දිගින් දිගටම වර්ජන හා උද්ඝෝෂණ කරන බවයි අමාත්‍ය සරත් වීරසේකර කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ.

POPULAR

Recent articles