ඔස්ට්‍රේලියානු රජයෙන් මෙරට හමුදාවට නොමිලේ ඉන්ධන

ඔස්ට්‍රේලියානු රජය විසින් මෙරට නාවුක හමුදාවට සහ ගුවන් හමුදාවට ඉන්ධන තොගයක් පරිත්‍යාග ලෙස නොමිලේම ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉන්ධන මෙට්‍රික් ටොන් 450ක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉන්ධන ලීටර් 27,000ක් මෙලෙස නොමිලේ ලබාදුන් බවයි කියන්නේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ ගුවන් හමුදාවේ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කර ඇත්තේ මෙම ඉන්ධන තොගය මෙහෙයුම් සඳහා පරිත්‍යාගයක් ලෙස ලබාගත් බවයි. ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කරන්නේ මෙම ඉන්ධන තොගය ජෙට් යානා මෙහෙයුම් කටයුතු සඳහා ලබාදුන් බවයි.

රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රි ලංකා නාවික හමුදාවට හා ගුවන් හමුදාව වෙත නොමිළේ ඉන්ධන තොගය ලබා දී ඇත්තේ ‘අනවසර සංක්‍රමණිකයන්’ රටින් පිටවීම වැලැක්වීම අරමුණු කරගෙනයි.

නීති විරෝධීව සංක්‍රමණිකයන් විශාල වශයෙන් මුහුදු මගින් ඔස්ට්‍රේලියාව වෙත පලා යාමේ සිද්ධීන් නිතර නිතර වාර්තා වන බවත්, ශ්‍රි ලංකා නාවික හමුදා නිරන්තරයෙන් සිදුකරන මෙහෙයුම් සඳහා ගුවන් හමුදා ජෙට් යානා සහය ලබා ගන්නා බවත් වාර්තා වෙනවා. ඉන්ධන තොගය නොමිලේ ලබාදීම නිසා අනවසර සංක්‍රමණිකයන් තම රට තුළට ඇතුල්වීම වලක්වා ගැනීම ඔස්ට්‍රේලියාවේ අරමුණ බවයි කියන්නේ.

ඔස්ට්‍රේලියාව රජය වෙනුවෙන් නාවික හමුදා මෙම ඉන්ධන තොගය ඉන්දියාවෙන් මිළදී ගෙන මේ ආකාරයෙන් ශ්‍රි ලංකාවට ප්‍රධාන කර ඇති බවයි වාර්තා වෙන්නේ.

POPULAR

Recent articles