“ගෝඨාභය හා බැසිල්ගේ සංචාර සඳහා ඉන්දියාව පහසුකම් සැලසුවේ නැහැ” – මහ කොමසාරිස් කාර්යාලය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ඉන්දියාව සහාය හා පහසුකම් දැක්වූ බවට පළ වන වාර්තා අසත්‍ය බව මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විට් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඉන්දියාව අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජනතාවට සහයෝගය දක්වන බව නැවත නැවතත් ප්‍රකාශ කරන බවයි මහ කොමසාරිස් කාර්යාලය කියන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවට අදාළව, ඉන්දීයව ඊට සහාය දැක්වූයේ යැයි පළ වන වාර්තා අසත්‍ය බව එම ට්විටර් පණිවුඩයේ සඳහන් වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද සහ වටිනාකම්, ස්ථාපිත ආයතන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රාමුවක් තුළින් සෞභාග්‍යය සහ ප්‍රගතිය සඳහා වන සිය අභිලාෂ ඉටු කරගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාවේ අඛණ්ඩ සහාය හිමි වන බව එහි දැක්වෙනවා.

POPULAR

Recent articles