”මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර වෙන විකල්පයක් දැන් නෑ” – ආචාර්ය හරිනි අමරසූරිය

තමන් නියෝජනය කරන ජාතික ජන බලවේගය වෙත ඡන්දය ලබාදුන් ජනතාවගේ ඡන්දයේ වටිනාකම තමන් තිදෙනාම දන්නා බව ජජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය කියා සිටින්නේ මහජන මතය නියෝජනය නොකරන මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවයි.

“මෙය නිසැකව ම ඉදිරියට තබන ලද දැවැන්ත පියවරක්. නමුත් අපි ප්‍රවේශම් විය යුතුයි. අප වෙනුවෙන් ප්‍රකාශ කළ මහජන ඡන්දයේ වටිනාකම NPP අපි තුන්දෙනාම හොඳින්ම හඳුනනවා. පටු දේශපාලන වාසි තකා සිදු කරන ඩීල් වෙනුවට අපි දිගින් දිගට ම ප්‍රතිපත්ති රකින දේශපාලනයේ නියැලෙනවා.

ඊයේ (20) දිනේයේ 9වන පාර්ලිමේන්තුව යලිත් වරක් පෙන්නුම් කළේ මේ රටේ මහජනතාවගේ මතය නියෝජනය කිරීමට ඔවුන්ගේ ඇති අකමැත්ත. මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර වෙන විකල්පයක් දැන් නැහැ” යි ඇය සඳහන් කරනවා.

POPULAR

Recent articles