පාකිස්ථාන යුද නැව කොළඹ වරායට

පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සදහා අද (12) කොළඹ වරායට සේන්දු වුණා.

නාවික හමුදා විසින් සම්ප්‍රදායානුකූලව මෙම නෞකාව පිළිගත් අතර එය මෙම මස 15 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

කොළඹ වරායට සෙන්දු වු මෙම නෞකාව දිගින් මීටර් 134 යුත්ක වන අතර එහි අනදෙණ නිලධාරියා වශයෙන් කපිතාන් එම් නසීර්ගේ ප්‍රධානාත්වයෙන් යුත් කාර්ය මණ්ඩලය සාමාජිකයින් 169කින් සමන්විත වනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා ඔවුන් සහභාගි වීමට නියමිත 15 වනදා දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ බටහිර මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදුකිරීමට ද නියමිතව තිබෙනවා.

POPULAR

Recent articles