“මහන්සිය, කැපවීම, ඕනෑකම හා ධෛර්යය ඇති ගොවින්ට කාබනික වගාව සාර්ථක කර ගත හැකියි” – කෘෂිකර්ම ඇමති

මහන්සිය, කැපවීම, ඕනෑකම සහ ධෛර්යය ඇති ගොවින්ට කාබනික වගාව සාර්ථක කර ගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ. මෙතෙක් කරන ලද නිරීක්ෂණවලදී ඒ බව අනාවරණය වූ බව ඔහු පවසනවා.

මෙවර මහ කන්නය කාබනික පොහොර භාවිතා කර නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන් බවයි අමාත්‍යවරයා කියන්නේ.

කාබනික වගාව සාර්ථක කර ගත් ගොවීන්ට රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන අතර වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය දිරිමත් කර සෞඛ්‍යය සම්පන්න ජනතාවක් බිහි කීරිම රජයේ අරමුණ බව අමාත්‍ය මහින්දානන්ද පවසනවා.

POPULAR

Recent articles