”දේශපාලඥයින් මීට වඩා විනයගරුක විය යුතුයි” – අනුර ප්‍රියදර්ශන යාපා

අඳුරේ අතපත ගෑවොත් තවත් විනාශයට යන බව ජනාධිපතිවරයා තේරුම් ගෙන ඇති බවයි පොහොට්ටුවේ මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා කියන්නේ. ඒ අතර පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව හරි තීන්දු නොගත්තොත් රටේ අනාගතයට විශාල ප්‍රශ්නයක් බව මන්ත්‍රීවරයා පවසනවා.

තවත් ජන නැගිටීමකට ඉඩ තැබීමට පෙර ජනතා ප්‍රශ්න වල සැබෑ ස්වරූපය හඳුනාගත යුතු බව කියන මන්ත්‍රීවරයා දේශපාලඥයා මීට වඩා විනය ගරුක වී දූෂණයෙන් තොර රටක් බිහි කළ යුතු බව සඳහන් කරනවා. සැබෑ ජනතා නායකයින් ඇති වන තුරු ජනතාව කිසිම අවස්ථාවක දේශපාලකයන්ට සමාව නොදෙන බවයි ඔහු පවසන්නේ.

POPULAR

Recent articles