ජල බිල්පත් නොගෙවූ ඇමතිවරුන්ගේ නම් කැබිනට් මණ්ඩලයට

ජල බිල්පත් නොගෙවා පැහැර හැර සිටින හිටපු මැති ඇමතිවරුන් හා දැනට සිටින මැති ඇමැතිවරුන් පිළිබඳව එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ‍ ජල බිල්පත් ගෙවිම පැහැර හැර ඇති මැති ඇමැතිවරුන් හතළිස් පස් දෙනකු පිළිබඳව තොරතුරු හෙළිවී ඇති බවයි.

එමෙන්ම අමාත්‍යවරයාගේ නියමයක් අනුව අදාළ මැති ඇමතිවරුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජල සම්පත් මණ්ඩලය දැනටමත් තීරණය කර තිබෙනවා.

POPULAR

Recent articles