“රාජපක්ෂවරුන්ට ඉන්දියාවේ හමුදා ආධාර අවශ්‍ය නම් අපි ලබාදිය යුතුයි” – සුබ්‍රමනියන් ස්වාමි

ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලට සහයෝගය දැක්වීම සඳහා ඉන්දීය හමුදාව යවන ලෙස රාජපක්ෂ පවුලට ඉතා සමීප භාරතීය ජනතා පක්ෂයේ සුබ්‍රමනියන් ස්වාමි යෝජනා කර තිබෙනවා.

“ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම නිදහස් මැතිවරණයකින් වැඩි බහුතරයකින් තේරී පත් විය. එවැනි නීත්‍යානුකූල මැතිවරණයක් දිනුව පාලනයක් පෙරළා දැමීමට ඉන්දියාව ලංකාවේ මැර පිරිසකට ඉඩ දෙන්නේ කෙසේද. එවිට අපේ අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රටක් ආරක්ෂිත නොවනු ඇත.

රාජපක්ෂට ඉන්දියාවේ හමුදා ආධාර අවශ්‍ය නම් අපි දිය යුතුයි” යැයි දැනට වයස අවුරුදු 82ක් වන ඔහු තම Twitter සටහනකින් පවසා තිබුණා.

එහෙත්, ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අංශවල පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කිරීමට කැමති බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ.

“මෙම වාර්තා සහ එවැනි අදහස් ද ඉන්දීය රජයේ ස්ථාවරයට නොගැලපේ” යනුවෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ, සුබ්‍රමනියන් ස්වාමි විසින් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.

අදාළ Twitter සටහන –

POPULAR

Recent articles