ධම්මික පෙරේරා සනත් ජයසූරියගෙන් සමාව ඉල්ලයි

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ නම වැරදි ලෙස සඳහන් කිරීම සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ව්‍යාපාරික නායක ධම්මික පෙරේරා අද සමාව අයැද තිබෙනවා.

රූපවාහිනී වැඩසටහනකදී සනත් ජයසූරිය සහ අරවින්ද සිල්වාගේ නම් සනත් ගුණතිලක සහ අරවින්ද පෙරේරා ලෙසින් වැරදියට පවසා තබූ අතර එය සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත වී තිබුණා.

“දැන් මගෙන් සමාව ගන්න කියලා ධම්මික පෙරේරා මහත්තයගෙන් කෝල් එකක් ආවා. මම කිව්වා ඒක අත් වැරදීමක් මිසක් සිතාමතා කළ දෙයක් නෙවෙයි කියලා. ඉදිරියේ ඇති දුෂ්කර කාර්යය සඳහා මම ඔහුට සුබ පතනවා. වැඩේ ඉවරයි කියලා හිතමු” යැයි සනත් ජයසූරිය සිය නිල twitter ගිණුම මඟින් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

POPULAR

Recent articles