ගෝල් ෆේස් භූමියට පොලිස් කැරලි මර්දන නිලධාරීන් පැමිණෙයි

ගෝල් ෆේස් භූමියට පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් පැමිණීම හේතුවෙන් මීට සුඵ මොහොතකට පෙර එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ජනාධිපති කාර්යාලය අසළ වේදිකාවක් ඉදිරිකිරීම වැලැක්වීම සඳහා නිලධාරින් 40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර් යාලයේ ගේට්ටුව අභියසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී නිර්පාක්ෂික අරගලකරුවන් විසින් පොලිසියේ පැමිණීමට එරෙහිව විරෝධය පළ කෙරුණා.

එල්ලවූ මහජන විරෝධතා හේතුවෙන් කැරළි මර්දන නිලධාරින් එම ස්ථානයෙන් පිටත්ව ගියා.

POPULAR

Recent articles