සයිප්‍රසස් සමාගමකින් තෙල් ගන්න කැබිනට් අනුමැතිය

ඉන්දියානු තෙල් සමාගම (IOC) වෙතින් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලංකා විදුලි බල මණ්ඩලය හිමිව තිබෙනවා. මේ වනවිටත් IOC ඩීසල් හා පෙට්‍රල් සපයා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා ඇති බවයි කියන්නේ.

ඒ සාකච්ඡාවන්ට අනුව ඩීසල් තොගය ලබාදීමට ඉන්දියාන් තෙල් සමාගම එකඟතාවය පළ කර තිබෙනවා.

මේ අතර දින 180ක ණය පදනම යටතේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා බොරතෙල් බැරල් 450,000ක තොගයක් සයිප්‍රසයේ ටෙරා නෙවිස් ගෘෘප් (Terra Nevis Group in Cyprus) නමැති තවත් සමාගමකින් ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බව වාර්තා වෙනවා.

POPULAR

Recent articles