ඉන්ධන අර්බුදය හෝටල් ක්ෂේත්‍රයටත් බලපායි

ඉන්ධන අර්බුදය හේතුවෙන් උත්සව ශාලා සහ ආහාර සැපයුමේ ක්ෂේත්‍රය කඩා වැටීමට ලක්ව ඇති බව පැවසෙනවා.

ඒ හේතුවෙන් ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ පහක පමණ පිරිසකට රැකියාවන් පවා අහිමි වන තත්ත්වයක් උදාවී ඇති බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම් කරුවන්ගේ සංගමයේ උප සභාපති සාලිය රවීන්ද්‍ර කියනවා. උත්සව ශාලා පවත්වාගෙන යාමේදී වැඩි වශයෙන් විදුලි ජනන යන්ත්‍ර භාවිතා කරන බැවින් සහ ආහාර පාන ප්‍රවාහනය පිණිස අවශ්‍ය පරිදි ඉන්ධන නොමැතිවීම මත වැඩි මිලට මගින් ඉන්ධන ලබා ගැනීමේ තත්ත්වයකට ත කරමාන්තය පත්ව ඇති බවයි ඔහු කියන්නේ.

කර්මාන්තය පවත්වාගෙන යාම සදහා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් සහන සැලසීමක් සිදු කරන ලෙස ඉල්ලා සිටියද මෙතෙක් නිසි විසදුමක් නොලැබුන බවයි සංවිධානය පවසන්නේ. පවතින තත්ත්වය මගහරවා ගැනීම පිණිස අදාළ දිස්ත්‍රික්කයන්හි ලංගම ඩිපෝ මගින් හෝ උත්සවශාලා සහ ආහාර සැපයුම්කරුවන් වෙත ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව සාලිය රවීන්ද්‍ර මහතා සඳහන් කරනවා.

POPULAR

Recent articles