විදෙස්ගතවුවන් ගෙන්වාගැනීමට විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි ! පාදෙණිය කියයි.

විදෙස්ගතවුවන් ගෙන්වාගැනීමට විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි ! පාදෙණිය කියයි.

අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපල විවෘත කිරීමට කොවිඩ් මර්දන කාර්‍ය සාධක කමිටුව විසින්, ජනාධිපතිවරයා වෙත යෝජනාවක් කර තිබෙනවා.

මෙහිදී සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු විය යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.

මේ අතර කුවේට් රාජ්‍යයේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මේ වන විටත් කොරෝනා වයිරසයට ගොදුරු වී සිටින අතර කොරෝනා වැළඳීම හේතුවෙන් එම පිරිසෙන් කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු මරණයට පත්ව ඇති බව කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානයේ කැඳවුම්කරු නිශාන්ත සංජීව මඩපාත මහතා පවසනවා .

පසුගියදා ඩුබායි සිට පැමිණි පුද්ගලයින් 197 දෙනාගෙන් 22 ක්ද, කුවේට් සිට පැමිණි පිරිසෙන් 96 ක්ද කොරෝනා රෝගීන් ලෙස හඳුනා ගැනුනා.තවත් 300 ට අධික පිරිසක් පරීක්ෂණයට යොමුකළ යුතුව තිබෙනවා .
මේ හේතුවෙන් එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට ජනාධිපති ලේකම් කාර්‍යාලය තීරණය කර තිබෙනවා .

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles