“ගම්මන්පිල විදුලිබල ඇමති කරලා ලොකුගේ බලශක්ති ඇමති කලාම වැඩේ හරියටම වෙයි” – ඩිලාන් පෙරේරා

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට සහ විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට තිබුණේ කාබරයකට ගොස් කතාකරගනීම බවයි ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ඩිලාන් පෙරේරා පවසන්නේ.

“දෙන්න කාමරයකට ගිහින් මේක කතා කරගෙන අපි මේක මෙහෙම කරමුයි කියලා අපිට යෝජනා කරන්නයි තිබුණේ. එහෙම නැතුව අපේ යාලුවෝ ඉස්සරහා මේක කියන්නේ නැතුව. දැන් සාමාන්‍යයෙන් බලන කෙනෙක්ට හිතෙන්නේ ගම්මන්පිල මහත්තයා වෙන ආණ්ඩුවක ලොකුගේ මහත්තයා තව ආණ්ඩුවක ඉන්නවා වගේ. එහෙම නැහැනේ. මේ අපේ ආණ්ඩුවේ විදුලි බල ඇමැතියි බලශක්ති ඇමතියිනේ.

මේකට හොඳම විසඳුම තමයි කැබිනට් සංශෝධනයක් කරනවානම් ගම්මන්පිල විදුලිබල ඇමති කරලා ලොකුගේ බලශක්ති ඇමති කරන එක. එතකොට වැඩේ හරියටම වෙයි.” යයි මන්ත්‍රීවරයා පවසනවා.

POPULAR

Recent articles