විනය කඩ කළ කමිල් මිශාර ආපසු කැඳවයි

බංග්ලාදේශ සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිල් මිෂාර නැවත ශ්‍රී ලංකාව වෙත කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයින් අතර අත්සන් තබා තිබෙන කොන්ත්‍රාත්තුවේ දැක්වෙන පරිදි ක්‍රීඩක චර්යා ධර්ම පද්ධතියේ නීතින් උල්ලංඝණය කිරීම හේතුවෙන් ඔහු මෙලෙස කැඳවා ඇති බවයි.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ඔහුට එරෙහිව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවත් එම පරීක්ෂණයේ ප්‍රතිඵලය මත ඔහු එරෙහිව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද යන්න තීරණය කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

POPULAR

Recent articles