ලෝකඩ පදක්කමත් රැගෙන නෙත්මි අහිංසා දිවයිනට

22 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේදී ඉතිහාසයේ පළමුවරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාදීමට සමත්වු නෙත්මි අහිංසා අද (08) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් හා මල්ලවපොර සංගමයේ නිලධාරීන් ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණ තිබුණේ ඇය පිළිගැනීම සඳහායි.

22 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ කාන්තා කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්ව නියෝජනය කළ කළ නෙත්මි අහිංසා ලෝකඩ පදක්කමක් දිනාගත් අතර පොදුරදමඩුලු ක්‍රීඩා උලෙළෙක මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලංකාව හිමි කර ගත් පළමු පදක්කම ලෙස නෙත්මි අහිංසා දිනාගත් පදක්කම වාර්තා අතරට එක් වනවා.

POPULAR

Recent articles