රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් නාලක ගොඩහේවා ඉවතට

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (Committee on Public Finance) සාමාජිකයෙක්ව සිටි පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා ඉන් ඉවත් කර තිබෙනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා විපක්ෂයට ආරාධනා කරද්දී තමන් ස්වාධීනව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මෙයදැයි මන්ත්‍රීවරයා ප්‍රශං කරනවා.

“පසුගිය පාර්ලිමේන්තු වාර දෙකේම මා සාමාජිකත්වය දැරු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් මෙවර මාව ඉවත් කොට ඇත. ජනාධිපතිතුමා සර්ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයට පවා ආරාධනා කරද්දී මහජන නියෝජිතයෙක් ලෙස පාර්ලිමේන්තුව තුළ හා පිටත ස්වාධීනව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ආන්ඩු පක්ෂයේ ප්‍රතිචාරය මෙයද” යි මන්ත්‍රීවරයා විමසනවා.

POPULAR

Recent articles