“සැපයුම්කරුවන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැව්ගත කිරීම ප්‍රතික්ෂේප කරනවා” – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය

ආනයනය කරන අත්‍යව්‍යශ ආහාර ද්‍රව්‍ය වල ණයවර ලිපිවලට (LC) මුදල් ගෙවීම දිගින් දිගටම ප්‍රමාද වීම මත ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන රටවල සැපයුම්කරුවන් ඒවා මෙරටට නැව්ගත කිරීම ප්‍රතික්ෂේප කරමින් ඇති බව වාර්තා වෙනවා.

මේ බව පවසන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්නයි. ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව, ඩුබායි, නවසීලන්තය ඇතුළු රටක් කිහිපයකම සැපයුම්කරුවන් මෙරටට ආහාර ද්‍රව්‍ය නැව්ගත කිරීම මේ වන විටත් ප්‍රතික්ෂේප කර ඇතැයි ඔහු පවසනවා.

මේ වන විටත් අත්‍යවශ්‍ය ආහාර අඩංගු බහාලුම් 3000 කට ආසන්න ප්‍රමාණයක් ඩොලර් හිගතාවය මත වරායේ හිර වී ඇති බවයි කියන්නේ.

ඒවා ඉක්මනින් මුදා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බව රජයට දැන් වු බවද නිහාල් සෙනෙවිරත්න සඳහන් කරනවා. මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 120 ක පමණ මුදලක් අවශ්‍ය වුවත් නැව් ගාස්තු ඉහළ යාම සහ ලෝක වෙළඳ පොලේ මිල ඉහළ යාම් හමුවේ එය ඩොලර් මිලියන දෙසීය දක්වා ඉහළ ගොස් ඇතැයි ඔහු පවසනවා.

POPULAR

Recent articles