රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් වෙයි

රිටි පැනීමේ ලෝක වාර්තාව යළිත් වරක් අලුත් කිරීමට ස්වීඩන් ජාතික මලල කී‍්‍රඩක ආමන්ඩ් ඩුප්ලැන්ටි සමත් වී තිබෙනවා.

ඒ සර්බියාවේ පැවැති ලෝක ගෘහස්ථ මලල කී‍්‍රඩා තරගාවලියකදී යි.

එම තරගාවලියේදී මීටර් 6.19ක දක්ෂතාවයක් දක්වමින් නව ලෝක වාර්තාව සටහන් කිරීමට ඩුප්ලැන්ටි සමත් වී ඇති අතර මීට පෙර එම ලෝක වාර්තාව මීටර් 6.18ක් ලෙසින් සටහන් වූ අතර එම වාර්තාවේ හිමිකරු ද ආමන්ඩ් ඩුප්ලැන්ටි වීම විශේෂත්වයක් වනවා.

22 වැනි වියේ පසුවන ආමන්ඩ් ඩුප්ලැන්ටි ඇමරිකාවේ උපත ලබා ස්වීඩනය නියෝජනය කරමින් මලල කී‍්‍රඩාවට අවතීරණ වී ඇති අතර 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද ඔහු සමත් වුණා.

POPULAR

Recent articles