ජීවන්ත පීරිස් පියතුමාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අරගලයේ නියුතුව සිටින ජීවන්ත පීරිස් පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

සිය නීතිඥවරුන් මගින් ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති, යුද හමුදාපති, ගුවන් හමුදාපති, නාවික හමුදාපති සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකි.

ජීවන්ත පීරිස් පියතුමා සඳහන් කරන්නේ කිසිදු සාධාරණ පදනමක් නොමැතිව වගඋත්තරකරුවන් විසින් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි.

ඒ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

POPULAR

Recent articles