සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා
අද (30) අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ විජිත් කුමාර විසිනුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර තිබෙනවා.

මේ අතර මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව දඬුවම් පමුණුවන්නැයි, ඉල්ලමින් ඊයේ (29) දිනයේ ද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

නීතිඥ ප්‍රියලාල් සිරිසේන විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා නීතිපතිවරයායි.

POPULAR

Recent articles