යුපුන් අබේකෝන් අද (02) තරඟ බිමට

එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරග අද (02) ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පිරිමි මීටර් 100 මූලික වටයේ තරඟ සඳහා අද (02) සහභාගීවීමට නියමිතව තිබෙනවා.

එසේම ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 800 මූලික වටයේ තරග සඳහා සහභාගීවීමට නියමිත බවද සඳහන් වනවා.

POPULAR

Recent articles