නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හරියි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥයන් හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කර තිබෙනවා.

නීතිඥ හිජාස් හිස්බුල්ලා තමා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම කැඳවු අවස්ථාවේදී මේනකා විජේසුන්දර, නීල් ඉද්දෙවෙල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

නීතිඥ හිජාස් හිස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් 14 වනදා අත්අඩංගුවට ගැනුණේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි මද්‍රසා පාසලක සිසුන්ට අන්තගාමී දේශන පැවැත්වීම සම්බන්ධයෙනුයි.

POPULAR

Recent articles