රුසියානු යුද අපරාධ සෙවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් පරීක්ෂණයක්

යුක්‍රේනයට එරෙහි රුසියානු යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ විශේෂ යෝජනාවක් සම්මත කරගැනීමෙන් අනතුරුවයි.

සාමාජිකයින් 47 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් 33 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර චීනය හා එරිත්‍රියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරද්දී, සාමාජිකයින් 12 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි තිබෙනවා.

කෙසේ වුවද එම යෝජනාවට විරෝධය දැක්වීමක් ලෙස රුසියාව, එම සැසිවාරය සඳහා සහභාගී නොවීමට තීරණය කර තිබුණා.

ඒ අනුව රුසියාව සිදුකර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කමිටුවක් මගින් පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

රුසියානු ආක්‍රමණයට ලක්ව ඇති සිය රට යුරෝපා මහද්වීපයේ ප්‍රබලම මානව හිමිකම් කඩවීම අත්විඳින බව, යුක්‍රේන විදේශ අමාත්‍යවරයා සැසිවාරය අමතමින් සඳහන් කර සිටියා.

යුක්‍රේන යුද්ධයෙන් පුද්ගලයින් මිලියන 6 කට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පෙන්වා දෙනවා.

ඒ අතරින් පෝලන්තයට පළාගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 3.3 ක් වනවා.

POPULAR

Recent articles