”ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක්” – සාගර කාරියවසම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ආරක්ෂාව හා පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

ශ්‍රී ලාංකික පුරවැසියකු හේතුවෙන් මෙරටට පැමිණීමට ඔහුට අයිතියක් හා හැකියාවක් ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම ඔහු මෙරටට පැමිණෙනු ඇතැයිද මන්ත්‍රීවරයා විශ්වාසය පළ කර සිටිනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය කිරීමට කැමතිනම් පිළිගැනීමට සූදානම් බවයි.

POPULAR

Recent articles