නැගෙනහිර පළාතේ පෙර පාසල් බලධාරීන් ගොවි පුහුණුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව බව කියමින් වස විසෙන් තොර කෘෂිකර්මාන්තයට රට රැගෙනයාම පිණිස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය වන අනුරාධා යහම්පත් විසින් පසුගියදා ගොවි පුහුණු වැඩසටහනක් පවත්වා තියෙනවා. “නැගෙනහිර තිරසාර කෘෂි සංස්කෘතිය” ලෙස නම්කළ එම ගොවි පුහුණු වැඩසටහන මහඔය සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේදී දෙදිනක් පුරා පැවැත් වූ බවයි කියන්නේ.

කාබනික වගාව පිළිබඳව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සෙබළුන් 900 ආසන්න පිරිසක් වෙනුවෙන් වූ මෙම දැනුවත් කිරීම මහාචාර්ය සමන් වීරක්කොඩි විසින් සිදුකළ එකක්.

මේ සඳහා නැගෙනහිර පළාත් පෙර පාසල් කාර්යාංශ සභාපති ප්‍රදීප් තෙන්නකෝන්, අම්පාර දිස්ත්‍රික් පෙරපාසල් කාර්යාංශ අධ්‍යක්ෂක දිනේෂ් මදුසංඛ, සිවිල් ආරක්ෂක බලකාය මහඔය කලාප අණදෙන නිලධාරීවරයා සමඟ කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් එක්කර සිටි බව ආණ්ඩුකාර කාර්යාලය පවසනවා.

POPULAR

Recent articles