හෙට (16) සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

බිඳවැටීමට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ බිඳවැටීම අලුත්වැඩියා කටයුතු සඳහා ආසන්න වශයෙන් දින 14 -16 අතර කාලයක් ගතවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ අද (15) දිනයේ විදුලි කප්පාදුව සාමාන්‍ය පරිදි පැය 1 යි විනාඩි 20 ක කාලයක් සිදු කරන බවත් හෙට (16) සිට සුදුසු පරිදි දීර්ඝ කරන බවයි.

මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු පසු විදුලි කප්පාදුව පිළිබඳ නිල නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.

POPULAR

Recent articles