”ජනතා මතය ප්‍රකාශ කිරීමමේ අවස්ථාව ජනතාවට ලබාදිය යුතුයි” – කේ.ඩී. ලාල්කාන්ත

පවතින සමාජ අර්බුදය සහ දේශපාලන අර්බුදය යන දෙකම විසඳිය හැකි එකම ක්‍රමය පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට ගොස්, දේශපාලන අර්බුදය නිමා කිරීමට සමාජයටම අවස්ථාව ලබාදීම බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම්පළමුව රටේ දේශපාලනය ස්ථාවර කරගත යුතු බවයි ඔහු කියන්නේ. දේශපාලනය ස්ථාවර කරගැනීමට නම් සමාජය ස්ථාවර වීම අත්‍යවශ්‍ය බව ඔහුගේ අදහසයි.

සමාජය ස්ථාවර වීමට නම් ජනතා මතය ප්‍රකාශ කිරීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. එසේ කිරීම වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කරන්නේ මර්දනය හරහා සමාජය ස්ථාවර කිරීමටත්, බලයේ සිටින පාලකයින්ම රැකෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හරහා දේශපාලනය ස්ථාවර කරගැනීමටත් නිශ්ඵල උත්සාහයක නිරත වීම බවයි ඔහු කියන්නේ.

කළයුතු වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතා මතය ප්‍රකාශ කිරීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදීම නිසා ඒ සඳහා බල කළ යුතු බවත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව වටලා බලපෑම් කිරීමට වුවද ජනතාවට අයිතියක් ඇති බව ජවිපෙ කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

POPULAR

Recent articles