යුක්‍රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය කඩිනමින් ඉල්ලයි

යුක්‍රේනය කඩිනමින් යුරෝපා සංවිධානයේ සාමාජිකයකු කර ගන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති සෙලෙස්කී විසින් නිල වශයෙන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින් ඊයේ (28) දිනයේදී අදාල ලියකියවිලිවලට අත්සන් තැබුවා.

යුක්‍රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු වුවහොත්, සෙසු සාමාජික රටවලට සෘජුව මැදිහත් වී, යුක්‍රේනයට සහාය පළ කරමින් රුසියන් හමුදා සමඟ යුද වැදීම කළ හැකි යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

POPULAR

Recent articles